බසවක්කුලම වැව
‘වැවයි දාගැබයි’ සංකල්පය අපට උරුම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයේ වැදගත් සංකල්පයකි. එම සංකල්පය ඔස්සේ අප බොහෝ දෙනාගේ සිතෙහි චිත්ත රූපයක් පවතී. වෙසක් පත්වල පවා නිතර දැකිය හැකි එම දර්ශනයයේ සිසිල් සඳ එළියෙන් නැහැවෙන ස්වර්ණමාලි මහා සෑය ඈතින් දිස්වන ජලයෙන් පිරුන මහා වැව ඔබේ මතකයට ගලා එනවාට සැක නැත. එතැන ඇත්තේ අභය වැව නොහොත් බසවක්කුලම වැවයි.
අඩි 2514 ක් උසැති සුප්‍රසිද්ධ රිටිගල කඳු
වැටියෙන් ආරම්භව දඹුල්ල හා අනුරාධපුර ප්‍රදේශ හරහා ගලා ගොස් මැදවච්චිය
පසුකර සීලාවතුර අසන්නයෙන් මන්නාරම් බොක්කට ලගාවන මල්වතු ඔයේ සම්පූරණ දිග
සැතපුම් 104 ක් වේ. මෙහි මුල් කොටස අරුවි ආර ලෙස හැඳින්වෙන අතර මෙය ශ්‍රී
ලංකාවේ දෙවන විශාලතම ගංඟා ද්‍රෝණිය වේ.
ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ
දී අනුරාධපුරය සිය අගනුවර කරගත් ප්‍රථම රජ වූයේ පණ්ඩුකාභය රජතුමාය. කුඩා කල
තමා මරා දැමීමට උත්සාහ කල මාමාවරු කිහිපදෙනෙකු හා සටන් වැද ඔවුන් මරා රජ
වූ එතුමා තැන වූ පළමු වැව බසවක්කුලමයි. එකල පණ්ඩුකාභය රජතුමා එය නම් කලේ
සිය නමේ කොටසක් ගෙන ‘අභයවාපී’ ලෙසිනි. වසර 70 ක් රජකම් කල පණ්ඩුකාභය රජතුමා
තැන වූ අභය වැව පසු කාලයක බසවක්කුලම නමින් භාවිතයට ගැනුනු බව කිය වේ. එය
ශ්‍රී ලංකාවේ තනන ලද ප්‍රථම වැව ලෙසින් පිළිගැනීමට ලක්ව ඇත. එසේම පණ්ඩුකාභය
රාජ්‍ය සමය වාරි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආරම්භයක් සනිටුවහන් කල යුගයක් ලෙස
ප්‍රකටය. කෙසේ වුවද දැනට මතුව ඇති පුරාවිද්‍යාත්මක සහ වෙනත් සාධක මත ශ්‍රී
ලංකාවේ වාසය කල ආදි හෙළයන්ගේ විස්මිත වාරි කර්මාන්තයට වසර 3000 ටත් වඩා
දීර්ඝ උරුමයක් ඇති බව තහවුරු වෙමින් පවතී.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.