ශ්‍රී ලංකාවෙි කොණ්ඩ කුරුලු (Bulbul) විශේෂ හයක් දැකිය හැකිය. ඉන් එක් විශේෂයක් වන කහ කන් කොණ්ඩයා Yellow Eared Bulbul) ශ්‍රී ලංකාවට ආවෙිණික පමණක් පක්ෂියෙකි. සුවැඳි නිවැසියෙකි. කාක ගණයට (Passerine) අයත් කොණ්ඩ කුරුලු පවුලේ සාමාජිකයෙකි. ලංකා පීතකන් කොණ්ඩයා, කහ කොණ්ඩයා, ගුරු කොණ්ඩයා යන නමි වලින් ද හදුන්වනු ලැබෙි. දේහ ප්‍රමාණයෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන ගුදය රතු කොණ්ඩයා (Red Vented Bulbul) හට බෙහෙවින් සමාන වන අතර, දිගු පෙදය ද සමග දිගින් සෙන්ටි මීටර 20 ක් (අගල් 7.9) පමණ වෙි.
තෙත් කලාපීය කදුකර වනාන්තර වලට පමණක් සීමාවු කහ කන් කොණ්ඩයා මුහුදු මටිටමෙි සිට මීටර් 1000 කට ඉහල කදුකරයේ වනාන්තර, උද්‍යාන හා හොද ශාක ආවරණයක් සහිත ගෙවතුවලද දැකිය හැකිය. එහෙත් මීටර් 1300 ට වඩා ඉහල කදුකරයේ සුලබව හමු නොවෙි. සීමාසහිත ප්‍රදේශයක පැතිර සිටියද හෝර්ටන් තැන්න, හක්ගල උද්භිද උද්‍යානය, හපුතලේ තංගමලේ වනෝද්‍යානය හා නුවරඑළියේ වන ආවරණයක් සහිත ප්‍රදේශවල ඉතා සුලබව දැකිය හැකිය. නිතරම ජෝඩු වශයෙන් සැරිසැරීමට ප්‍රීයකරතත්, ආහාර බහුල ප්‍රදේශවල කුඩා කණ්ඩායමි වශයෙන් දැකිය හැකිය. කුඩා ගෙඩි වර්ග හා කෘමි සතුන් ආහාරය වශයෙන් ගනි. ලැජ්ජාශීලි, කුලෑටී පක්ෂයෙකු නොවන මොවුන් ඉතාමත් කඩිසර, ක්‍රීයාශීලී හැසිරීමක් සහිතය. මොවුන්ගේ නාදය ඉතාමත් ප්‍රසන්නය. ඈතට විහිද යන වීටි .. විටි .. විටි .. යන අනුකරණයෙන් යුත් මිහිරි සියුරුවමි නාදයක් නගන මොවුන් බියට හෝ සැකයට පත්වු විට කර් .. කර් .. යන අනුකරණයෙන් යුත් අනතුරු ඇගවීමෙි හඩක් නිකුත් කරයි.
ලැම හා යටි පෙදෙස දීප්තිමත් මහ පැහැයක් ගන්නා අතර පියාපත් හා උඩු කොටස අදුරු කහ - කොල මිශ්‍ර පැහැයක් ගනී. ප්‍රධාන වශයෙන් හිස කලු පැහැතිය. එහි සුදු පැහැ වර්ණ රටා දැකිය හැකිය. හිසෙහි සිලුව (කොණ්ඩයක් වැනි පිහාටු සැකැස්ම) අලු පැහැයට හුරුය. ඇස් දෙපසින් විහිදෙන කන් මෙන් පෙනෙන දීප්තිමත් කහ පැහැ සියුමි පිහාටු ගොමු දෙකක් දක්නට ලැබෙි. මෙම පක්ෂියා කහ කන් කොණ්ඩයා යනුවෙන් හැදින්වීමට එම සුවිශේෂි පිහාටු ගොමු දෙක හේතුවී ඇත. එමෙන්ම ඇසට යටින් කහ පැහැ පැල්ලමක්ද ඇස් ඉදිරිපිට සුදු පැහැ පැල්ලමක්ද දැකිය හැකිය. නිකට සහ උගුර පෙදෙස සුදු පැහැතිය. ඇස කලු පැහැතිය. ඇසේ තාරා මණ්ඩලය රතු පැහැතිය. හොට සහ කකුල් කලු පැහැයෙන් යුක්තය. දිගු පෙදයකට හිමිකමි කියයි. මෙම සුවිශේෂි ලක්ෂණ නිසා මෙම පක්ෂියා පහසුවෙන් හදුනාගත හැකිය. ලිංගික ද්වරූපතාවයක් නොදක්වන අතර පෙනුමෙන් කුරුල්ලා හා කිරිල්ලිය එක සමාන වෙි. නමුත් ලිංගිකව පරිණත නොවු තරුණ පක්ෂීන් වැඩිහිටි පක්ෂීන්ට වඩා තරමක් අදුරැ පැහැයක් ගනී.
ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනය සිදුකරනු ලබන අතර, ද්විතීයක සමය අගෝස්තු සිට ඔක්තෝබර් අතර දක්වා කාලය වෙි. ගැහැණු සතුන් ආකර්ශණය කරගැනීම සදහා පිරිමි සතුන් අතර ඇතිවන සටන් බොහෝවිට කොටිටෝරුවෙකු පරිද්දෙන් ඉහල පහල පැද්දීමක් නැතහොත් උඩපැනීමක් ආකාරය ගනී. මොවුන් පොලොව මටිටමෙි සිට මීටර 3 - 5 ක් ඉහලින් උසින් අඩු කුඩා ගසක හෝ පදුරු මත කැදලි තනයි. ඇරුණු කූඩුවකි. අතු කරුවකට (දෙබලකට) හෝ අතු රිකිල්ලකට බද්ධ වන සේ තනන කැදැල්ල ඉතා ශක්තිමත්ය. ප්‍රධාන වශයෙන් කැදැල්ල තැනීම සදහා හරිත වර්ණ පාසි උපයෝගි කරගන්නා අතර එහි ඇතුලත සියුමි මුල් කැබලි හා කෙදි ආදිය අතුරා ආවරණය කරනු ලැබෙි. මෙම කැදැල්ලේ ඇති විශේෂත්වය නමි අනෙකුත් කොණ්ඩයා විශේෂ වල කැදලිවලට සාපේක්ෂව කහ කන් කොණ්ඩයාගේ කැදැල්ල විශාලවීමයි.
කිරිල්ලිය වරෙකට බිත්තර 2 ක් දමයි. එම බිත්තර අදුරු පැහැ සුදු හෝ රෝස පැහැතිය. ඒ මත රතු පැහැයට හුරු දීප්තිමත් දමි හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැ පැල්ලමි දැකිය හැකිය. බිත්තරයක ප්‍රමාණය මිලිමීටර 23.4 x 16.7 වෙි.
ශ්‍රී ලකාවෙි භාවිතා වන රු. 10.00 මුද්දරය සදහා මෙන්ම නව රු. 5000.00 මුදල් නෝටිටුව සදහා ද මෙම අලංකාර පක්ෂියාගේ් රුව යොදාගෙන ඇත.
කිරිල්ලිය වරෙකට බිත්තර 2 ක් දමයි. එම බිත්තර අදුරු පැහැ සුදු හෝ රෝස පැහැතිය. ඒ මත රතු පැහැයට හුරු දීප්තිමත් දමි හෝ රතු පැහැයට හුරු දුඹුරු පැහැ පැල්ලමි දැකිය හැකිය. බිත්තරයක ප්‍රමාණය මිලිමීටර 23.4 x 16.7 වෙි.
ශ්‍රී ලකාවෙි භාවිතා වන රු. 10.00 මුද්දරය සදහා මෙන්ම නව රු. 5000.00 මුදල් නෝටිටුව සදහා ද මෙම අලංකාර පක්ෂියාගේ් රුව යොදාගෙන ඇත.
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.